අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කිරීම.

අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කිරීම.

 

💠 ඕනෑම අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කරන්න පුලුවන් කෙටි ක්‍රම ටිකක් තමා අපි බලන්න යන්නෙ..

53  x 11 යන ගුණිතය සලකමු.

👉 සංඛ්‍යාවේ ඉලක්කම් දෙක එකට එකතු කරන්න…

5 + 3 = 8

👉 ඉලක්කම් දෙක දෙපැත්තටයි ඒ්වා එකතු කරාම ලැබුණු පිළිතුර මැදටයි එන විදිහට සංඛ්‍යාව ලියන්න…

                          583

❄❄ ඒ අනුව පිළිතුර 53 x 11 = 583 වේ.

🎈 ඒ විදිහටම මේකත් කරමු බලන්න..

                          59 x 11

හැබැයි මේ වෙලාවෙදි ඉස්සෙල්ල විදිහට දාන්න බෑ වගේ නේද.. දැන් කෙලවෙනවා..😌

නෑ මේකත් ගොඩ දාගන්න පුලුවන්..🤩🤩

හරි මේ වගේ වෙලාවක ඉස්සෙල්ලා තරම් වැඩේ සරල නෑ. සරල නෑ කිව්වට ඒ හැටි අමාරුවකුත් නෑ ඉතින්..😆 පොඩි වැඩයි වැඩි වෙන්නෙ..

👉 අපි අර ඉස්සෙල්ලා ගත්තු විදිහට 1 වෙනි පියවර මේකෙ ගත්තොත්

5 + 9 = 14 ක් එනවනෙ..

හැබැයි කලින් විදිහට උත්තරේ 5149 කියල ගන්න බෑ..

👉 මේකෙදි වෙන්නෙ කලින් විදිහට 4 මැද ඉලක්කම විදිහට එනවා.. ඊට පස්සෙ 1 මුල් අංකෙ වෙන 5ට එකතු වෙනවා.. එච්චරයි..

                          1

                          549

                          649

 

❄❄ එතකොට උත්තරේ වෙන්නෙ 649 යි..

 

🎈 අපි තවත් උදාහරණයක් බලමු.

                          98 x 11

 

හරි දැන් 9 + 8 = 17 යි.

                          1

                          978

                        1078

 

උත්තරේ 1078 යි..


Comments